ශ්‍රි ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් ඉදිරිපත් කල නඩුව විභාගයට ගනී

අද දින( 2022 ඔක්තොම්බර් 04) අභියාචනාධිකරණයේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස ජස්වර් උමාර් වන මා විසින් සහ පාපන්දු සම්මේලනයේ උපාලි හේවගේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරපු නඩුව විභාගයට ගැනුණා. මෙය සලකා බැලූ අධිකරණය ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතයකු සහ නීතිපති සමග සාකච්ඡා කොට මේ ගැටලුව කඩිනමින් විසඳාගැනීම සඳහා එකඟතාවකට පැමිණෙන ලෙස දැනුම් දුන්නා.

මේ වන විට අපගේ නිල කාලය අවලංගු කිරීම සඳහා නිකුත් කරපු නිවේදනය සංශෝධනය කිරීම, දෙවනුව මෙම නඩුව තව සතියක් තුල නැවත කැඳවා නිලවරණය සඳහා දිනයක් නියම කිරීම, තුන්වනුව කළමණාකරන කමිටුවක් කිරීම .ඒ කමිටුවට ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණයේ විශ්‍රාමික විනිසුරු වරයෙක් යටතේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 2021 නිලවරණයෙන් පත්ව වූ සභාපතිවරයා වන ජස්වර් උමාර් වන මම ,ඒ වගේම එම නිලවරණයෙන් පත්වූ භාණ්ඩාගාරික ඒ.එෆ් සෙලර් මහතාත් මෙම කමිටුවට ඇතුලත්වනවා.

ඒ වගේම ගරු ක්‍රීඩා අමාත්‍යතුමාගේ නිර්දේශය මත ගණ්කාධිකාරිවරයකු පරිපාලන නිලධාරියකු මෙම කළමණාකරණ කමිටුවට ඇතුළත් වෙනවා .ඒ නිසා මේ පංච පුද්ගල කමිටුව නිලවරණය තෙක් එදිනෙදා කටයුතු කිරීම සහ මූල්‍ය පරිපාලනය කටයුතු කිරීම සඳහා තමන්ගේ රාජකාරි කටයුතු කරනු ඇති. වගේම නව ව්‍යවස්ථාව සතියක් තුළ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමටත් අපි කටයුතු කරන්න එකඟතාවය පළ කරලා තියෙනවා. මම හිතනවා මේ වෙලාවේ ගරු ක්‍රීඩා අමාත්‍යතුමාට ස්තූතිවන්ත වෙන්න ඕනේ මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා යම්කිසි කාලයක් සහ අවස්ථාවක් ලබාදීම පිළිබඳව ඒ වගේම ගරු අධිකරණයටත් අපි ස්තූතිවන්ත වෙන්න ඕනේ රට වෙනුවෙන් එහෙම නැත්නම් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ෆීෆා වෙනුවෙන් තහනමකට ලක්ව තිබෙන අවස්ථාව අඩු කිරීම සඳහා කාලෝචිත විදියට මේ කරපු ක්‍රියාමාර්ගය ගැන අපි ඉතාමත් සතුටු වන අතර අපි ඉතාමත්ම සුබවාදීව සියලු දෙනා එක්ව මේ ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කර කඩිමින් නිලවරණයක් පැවැත්වීමට අපි සියලු කටයුතු කරනවා කියලා කියන්න කැමතියි මම

ජස්වර් උමාර්

සභාපති ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here