DSI Tyre අධිපති සජිත් රාජපක්ෂ Sri Kantha Jewelers පවුලත් සමග ගැටුමක් ඇතිකර ගනියි

DSI Tyre අධිපති සජිත් රාජපක්ෂ Sri Kantha Jewelers පවුලත් සමග ගැටුමක් ඇතිකර ගනියි

වෙඩි තැබීමක් නිසා බන්ධනාගාර ගත වූ DSI Tyre අධිපති සජිත් රාජපක්ෂව ඔහු විවාහ වී සිටි පවුලෙන්ද ඉවත් කිරීමේ තැතක් වාර්තා වී ඇත. සජිත් රාජපක්ෂ මහතා විවාහ වී සිටියේ ශ්‍රී කාන්ත ජුවෙලර්ස් අධිපති දේශබන්ධු ,දේශමාන්‍ය හා මුළු දිවයිනටම සාමවිනිසුරු කේ.ඒ සුනිමල් කුමාර මහතාගේ දියණිය වන හේෂානි ශෂිකලා සමගය. පසුගිය කාලයේදී DSI සමූහ ව්‍යාපාරයේ අභ්‍යන්තර අර්බුදයක් නිසා සජිත් රාජපක්ෂ මහතා සිය නිවසට වෙඩි තබා ගැනීමක් සිදු කරන ලද අතර ඒ හේතුවෙන් ඔහු බන්ධනාගාර ගතවී දැන් ඇපමත මුදාහැර ඇත. ඉන්පසු
ශ්‍රී කාන්ත ජුවෙලර්ස් අධිපතිගේ දියණිය එනම් DSI ටයර් අධිපති සජිත් රාජපක්ෂගේ භාර්‍යාව වන හේෂානි ශෂිකලා සමග බරපතල ගැටුමක් ඇතිකරගෙන ඇත. තවද පවුලේ නිවාඩු චාරිකාවක් සදහා සජිත් රාජපක්ෂ හා හේශානි ශෂිකලා ගිය අතර එම චාරිකාව අතරතුරදී දෙදෙනා අතර උණුසුම් බහින්බස්වීමක් සිදු වී ඇති අතර ඉන් අනතුරුව හේශානි සජිත් රාජපක්ෂගේ ගෙල මිරිකා කිහිප අවස්ථාවකදීම හුස්ම හිර කිරීමට තැත් කර ඇත.

ව්‍යාපාර නිසා ඇතිවූ වෙඩි තැබීමේ ආරවුලත්, නිවසේදී සිදුවූ ආරවුල ඉවසාගත නොහැකි වූ හේෂානි මේ වනවිටත් සජිත්ගෙන් දික්කසාද වීමට නඩුවක් ගොණු කර ඇත.

මේ අතර සජිත් රාජපක්ෂ විසින් DSI සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පවරා තිබූ නඩුව 2023 දෙසැම්බර් 15 වැනි දින කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ සුගත් කල්දේරා සමඟ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා DSI සමූහ ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටි අතර පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටියේය. සීමාසහිත සැම්සන් රබර් නිෂ්පාදන, මවුන්ට් ස්ප්‍රින්ග් වෝටර්ස් සහ සැම්සන් ඉංජිනියර්ස් සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතාගේ කනිෂ්ඨ නීතීඥවරයකු පෙනී සිටියේය.

සැම්සන් රබර් නිෂ්පාදන අධ්‍යක්ෂ අරුණෝධනී වික්‍රමසිංහ මහත්මිය වෙනුවෙන් ලද්දුවහෙට්ටි මහතා පෙනී සිටියේය.

සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්‍ෂ මහතා විසින් කරන ලද අතුරු අයදුම්පත සම්බන්ධයෙන් පෙත්සම්කරුගේ නීතිඥවරයා විරෝධතා ඉදිරිපත් කළේය. අතුරු නියෝගය ඉවත් කිරීම සඳහා පෙත්සම්කරුගේ අයදුම්පත සඳහා විරෝධතා ගොනු කිරීමට ආචාර්ය ද සිල්වා මහතා පියවර ගත්තේය.

2024.01.19 දින වාචික ඉදිරිපත් කිරීම් (විරෝධතාවලට යටත්ව)/ විරෝධතා සහ අපහාස අයදුම්පත්‍රයේ ලිඛිත ඉදිරිපත් කිරීම් සඳහා දින නියම කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here