දැනට ක්‍රියාත්මක කැබිනට් මණ්ඩලය සංශෝධනය මෙම අයවැයෙන් පසුව සිදු කිරීමට නියමිතයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කල තාවකාලික කැබිනට්ටුව වෙනසක් නොකර අයවැය තෙක් ඉදිරියට ගෙන ඒමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු සිදු කලේය.
නමුත් මෙම තාවකාලික කැබිනට්ටුව වෙනුවට ඉදිරි වසර දෙක හමාර සදහා ස්ථිර කැබිනට්ටුව පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර අවසන් වී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මංත්‍රීවරු 12දෙනෙක්ද,සමඟි ජන බලවේගයෙන් මංත්‍රීවරු දෙදෙනෙක්ද,නිදහස් පක්ෂයෙන් මංත්‍රීවරයෙක්ද,එක්සත් ජාතික පක්ෂයේ මංත්‍රීධූරයටද මෙසේ අමාත්‍යධූර ලැබීමට නියමිතයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාවෙත ලැබුනු වාර්තාවේ සඳහන් ඵලදායිතාවයක් නොමැති අමාත්‍යංශද මෙම කැබිනට් සංශෝධනයේදී වෙනස් වීමට නියමිතයි.
ඒ අනුව, මහාමාර්ග,ක්‍රීඩා,සෞඛ්‍ය,ප්‍රවාහන,කර්මාන්ත,විදුලිබල,වනජීවී,පරිසර සහ වරාය යන අමාත්‍යංශ සඳහා අලුතෙන් කැබිනට් ඇමතිවරු පත්කිරීමක් සිදුවන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
විශේෂයෙන් එම අමාත්‍යංශ සඳහා පසුගිය කාලවකවානුවේ වැඩක් කල හිටපු ඇමතිවරුන්ම පත් කිරීමට නියමිත බව එම ආරංචිමාර්ග පවසයි
මීට අමතරව රාජ්‍ය අමාත්‍යධූර දෙකක්ද අමාත්‍ය මණ්ඩලයට එකතුවීමට නියමිතයි.
නමුත් මේ වනවිටත් සමඟි ජනබලවේගයෙන් පැමිණෙන මංත්‍රීවරු ගණන තවමත් අවිනිශ්චිත තත්වයක පවතී.